ශ්‍රී ලංකාවට අවසන් 08 දෙනා අතරට පැමිණීමේ නව බලාපොරොත්තුවක්..ඊයේ රෑ සිදු වූ දේ මෙන්න..

Report

බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර ලකුණු 4ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (10) දින සමත් වුණා. ‌

මෙහිදී දකුණු අප්‍රිකාණු කණ්ඩායම ලබා දුන් ලකුණු 114ක ඉලක්කයට පිලිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 තුලදී කඩුලු 7ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 109ක් පමණයි.

ශ්‍රී ලංකාවට අවසන් 08 දෙනා අතරට පැමිණීමේ නව බලාපොරොත්තුවක්..ඊයේ රෑ සිදු වූ දේ මෙන්න.. | Sri Lanka Cricket 2024 World Cup

ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගය අවසන් පන්දුවාරය දක්වා දිගහැරුනු අතර, එහිදී බංග්ලාදේශයට ලකුණු 11ක ඉලක්කයක් ඉතිරිවුණා.

දකුණු අප්‍රිකාව ලැබූ මෙම ජයග්‍රහනයත් සමග ශ්‍රී ලංකාවට තව දුරටත් තරගාවලියේ රැඳි සිටීමේ තවත් එක් බලාපොරොත්තුවක් ලැබීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවට අවසන් 08 දෙනා අතරට පැමිණීමේ නව බලාපොරොත්තුවක්..ඊයේ රෑ සිදු වූ දේ මෙන්න.. | Sri Lanka Cricket 2024 World Cup

ඒ අනුව ශ්‍රී ලංකාව ඉදිරියේදී පැවැත්වීමට නියමිත නේපාල හා නෙදර්ලන්ත තරග 2ක විශිෂ්ඨ ලෙස ජය ගත යුතුව ඇති බවයි විචාරකයින් පවසන්නේ.

කෙසේ නමුත්, එය සාර්ථක වන්නට නම්, බංග්ලාදේශ කණ්ඩායම ඔවුන්ට ක්‍රීඩා කිරීමට ඇති නෙදර්ලන්ත හා නේපාල තරග ද්විත්වයෙන් එකක් හෝ අනිවාර්යයෙන්ම පරාජය විය යුතුව තිබේ.

සිංහ,ධනු ,මකර සහ කුම්භ යන ලග්නයන්ට අද රතු එළියක්..මේ ගැන දැඩි විමසිල්ලෙන් ඉන්න..

සිංහ,ධනු ,මකර සහ කුම්භ යන ලග්නයන්ට අද රතු එළියක්..මේ ගැන දැඩි විමසිල්ලෙන් ඉන්න..


දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ මේ දක්වා කිසිඳු විස්සයි20 තරගයක් ඔවුන් බංග්ලාදේශය හමුවේ පරාජය වී නොමැති බවයි පැවසෙන්නේ.

දෙරට අතර පළමු විස්සයි20 තරගය පැවැත්වූයේ 2007 වසරේදි වන අතර, එතැන් සිට මේ දක්වා තරග 08ක් පවත්වා තිබේ.

ඒ සියලුම තරග ඔවුන් ජයග්‍රහණය කර තිබීම ද විශේෂත්වයක්.