ගුවන් යානයක් හිම කැට වරුසාවකට හසුවෙයි..මගීන් විශාල පිරිසක් සමග මුහුණත කැඩී ගිය හැටි මෙන්න..(PHOTOS)
By Aruna
ඔස්ට්‍රියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හිම කැට වර්ෂාවකට හසුවී දැඩි ලෙස අලාභහානි වී ඇති බව ඔස්ට්‍රියානු ගුවන් සේවය පවසනවා.
කෙසේවෙතත් මෙම බිහිසුණු හිම කැට වර්ෂාවට හසු වූ ගුවන් යානය මගීන් 173 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 6 දෙනෙකු සමඟ ස්පාඤ්ඤයේ Palma de Mallorca සිට ඔස්ට්‍රියාවේ Vienna දක්වා පියාසර කළ අතර වාරයේ මෙම බිහිසුණු සිදුවීමට ගොදුරුවී ඇති අතර,පසුව ගුවන් යානය ආරක්ෂිතව Vienna වෙත ගොඩබස්වා තිබේ.
ගුවන් ගමන අතරතුර මැදිරිය විසින් හදිසි ඇමතුමක් ලබා දුන් බවයි ඔස්ට්‍රියානු ගුවන් සේවය පවසන්නේ.
විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ ගුවන් යානයේ මුහුණතට බරපතල හානි සිදුවී ඇති අතර නියමු කුටියේ ඉහළ කොටස නැවී ඇති අතර, නියමු කුටියේ ජනේලවල වීදුරුව ඉරිතලා ඇති බවයි.
මෙම බිහිසුණු සිදුවීමට හසුවූ ගුවන් යානයේ ඡායාරූප පහතින්,






