ලොවම මවිත කරමින් මිනිස් සිරුරට ඌරු වකුගඩුවක්..!

AMERICA PIGS KIDNEY NEWYORK DR ROBERT MONTERGOMARI
By Sewvandhi Oct 27, 2021 10:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඌරකුගේ වකුගඩුවක් මනුෂ්‍යයකුට සාර්ථකව බද්ධ කිරීමට ඇමෙරිකා වෛද්‍ය විශේෂඥයන් පිරිසක් සමත් වී සිටිති. එය සිදුවූයේ පර්යේෂණයක් යටතේ බවත්, එය සාර්ථක වූ බවත් ඊට සම්බන්ධ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මැන්හැටන් ලැන්ගොන් විශ්ව විද්‍යාලයේ ඉන්ද්‍රීය බද්ධ කිරීම් පිළිබඳ ආයතනයේ මහාචාර්ය වෛද්‍ය රොබට් මොන්ටගොමරි මාධ්‍ය හමුවේ පවසා ඇත.

වකුගඩුව ලබා ගැනීම සිදුවී ඇත්තේ ද ජානමය වශයෙන් වෙනස් කර, පර්යේෂණාගාරයක උපත ලැබූ ඌරකුගෙනි. මෙම ඌරා ජානමය වශයෙන් වෙනස් කර ඇත්තේ උගේ ඉන්ද්‍රියයන් (වකුගඩු ද ඇතුළුව) මනුෂ්‍ය සිරුරුට ගැලපෙන ආකාරයටය. තවත් පැහැදිලි කළොත්, බද්ධ කිරීමක් කළ විට වකුගඩු මනුෂ්‍ය සිරුර විසින් ප්‍රතික්ෂේප නොකරන ආකාරයටය.

ඌරාගෙන් ලබා ගත් එක් වකුගඩුවක්, බද්ධ කිරීම සිදු කෙරුණේ මොළය මියගොස් යන්ත්‍රයකට සිරුර සම්බන්ධ කළ තැනැත්තකුටය. මෙම තැනැත්තා මරණින් පසු ඉන්ද්‍රයයන් ප්‍රදානය කිරීමට කැමැත්ත පළ කළ සිටි අයෙකි. කෙසේ නමුත් වෛද්‍යවරුන්ට අනුව, ඔහුගේ සිරුරේ කිසිදු ඉන්ද්‍රියක් තව කෙනෙකුට බද්ධ කිරිමට නොහැකි තත්ත්වයෙන් පවතී.

වෛද්‍ය රොබට් මොන්ටගොමරි ප්‍රමුඛ ඔහුගේ වෛද්‍ය කණ්ඩායම, එම තැනැත්තාගේ පවුලේ අය සමඟ සාකච්ඡා කර, ඔහු යන්ත්‍රයෙන් ඉවත් කිරීමට පෙර, මෙම පර්යේෂණයට ඔහු යොදා ගෙන ඇත. පවුලේ සාමාජිකයන්ගේ අවරය හිමිවීමෙන් පසු මොළය මියගිය එම තැනැත්තාගේ පාදයේ ඉහළින් කලවයේ රුධිරවාහිනීවලට ඌරාගෙන් ලබාගත් වකුගඩුව සම්බන්ධ කෙරුණි. ඒ, පැය දෙකක සැත්කමකනින් අනතුරුවය.

මෙවැනි සැත්කමක් කළ පළමු අවස්ථාව මෙය වන අතර සැත්කම කළේ පසුගිය සැප්තැම්බර් 25 වැනිදා නිව්යෝක් විශ්ව විද්‍යාලයේ ලැන්ගොන් වෛද්‍ය මධ්‍යස්ථානයේදීය. ඉන්පසු දින දෙකක් වකුගඩුවේ ක්‍රියාකාරීත්වය කෙසේ සිදුවන්නේදැයි පරික්ෂා කෙරුණි. එම පරීක්ෂණ සාර්ථකව සිදුවුණු බවත්, එය සිරුරේ කොටසක් ලෙස සිරුර විසින් පිළිගනු ලැබූ බවත් සනාථ වී තිබේ.

”ඇත්තම කීවොත් මේක පළමු පියවරයි. දැන් අප දන්නවා ජානමය වශයෙන් වෙනස් කිරීම් කර උපත ලබා දෙන ඌරකුගෙන් ලබා ගන්නා වකුගඩු මනුෂ්‍ය සිරුරට ගැලපෙන බව. ඒ ගැලපීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. මේ සම්බන්ධයෙන් තවත් වසර කීපයක් පර්යේෂණ සහ අත්හදා බැලීම් කරන්න තියෙනවා.

ඒත්, අනාගතයේ දවසක් ඒවි ඉන්ද්‍රියයන් හිඟකමට විකල්පයක් ලෙස වකුගඩු රෝගියකුට ඔහුටම ගැලපෙන ආකාරයේ වකුගඩු ඌරකුගේ සිරුරින් ලබා ගන්න.” යැයි බීබීසී නාළිකාව සමඟ එක්වෙමින් රොබට් මොන්ටගොමරි පැහැදිලි කර තිබේ. ඌරන්ගේ වකුගඩු මනුෂ්‍යයන්ට බද්ධ කිරීමට වෛද්‍යවරුන් උනන්දුවන්නේ ඒවා ප්‍රමාණයෙන් මනුෂ්‍ය වකුගඩු තරම් වීම නිසාය. මේ වනවිටත් ඌරන්ගෙන් ලබා ගන්නා හෘද කපාට මනුෂ්‍යයන්ට බද්ධ කිරීම සිදුවෙයි.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.



ReeCha