හිටපු මන්ත්‍රීවරයකු කුරිරු ලෙස ඝාතනය කරයි..ඝාතකයන් ඔහුගේම මෝටර්රිය සොරාගෙන පලා ගොස් ..

By Piyumika Oct 29, 2024 02:11 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුලස්ති මහතා ඔහුගේ නිවසේ  නිදි ඇදේ දී අත් ගැට ගසා ඇද සිටි සරම ගලවා ගෙල සිරකර ඝාතනය කොට තිබියදී සොයාගෙන තිබේ.ඔහුගේ බිරිඳගේ මුවෙහි ප්ලාස්ටර් අලවා තිබී ඇති අතර  එම කාන්තාවටද සැකකරුවන් විසින් පහරදීම හේතුවෙන් තුවාල ලබා සිටියදී පොලිසිය විසින් කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.නිවසේ අල්මාරි සියල්ල විවෘත කර තිබූ බව පොලීසිය පැවසීය.

හදිසියේම ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉවත් වෙයි ...

හදිසියේම ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉවත් වෙයි ...

ඊයේ (28) උදෑසන කාලයේදී කෑගල්ල, කොස්සින්න ප්‍රදේශයේ දී එම සිදුවීම වාර්තා වී ඇත. මරණකරු වයස අවුරුදු 75ක් වූ බුළුරුප්ප, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.ඔහු කෑගල්ල බුළුරුප්ප කෙම්පිටිය වලව්වේ හිමිකරු වන අතර දෙදරු පියකු  වන මොහු  එකොළොස් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් සහොදරයා බවත් ඔහුගේ එකම පිරිමි දරුවා ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බවත් එකම දියණිය කලකට ඉහතදී මිය ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.

එසේම ඔහු  කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විද්‍යාලය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ගණිත ගුරුවරයෙකු ලෙස සේවයට කොට විශ්‍රාම ලබා ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කෑගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස වැටුපක් නොගෙන සේවය කර ඇති බවත් පොලිසිය පැවසීය.

හිරි පාන්දර තරුණයින් සෙට් එකක් එකතුවෙලා නටපු නාඩගමක්..

හිරි පාන්දර තරුණයින් සෙට් එකක් එකතුවෙලා නටපු නාඩගමක්..

සොරකම් කරන ලද මෝටර් රථය පින්දෙණිය පොලිස් වසමේ දමා ගොස් තිබියදී සොයා ගෙන තිබේ. මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පහරදිමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.  


Gallery