හිරි පාන්දර තරුණයින් සෙට් එකක් එකතුවෙලා නටපු නාඩගමක්..

By Piyumika Oct 28, 2024 05:54 AM GMT
Report

කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ මාර්ග නීති උල්ලංඝනය කරමින් මුදල් ඔට්ටු මත ත්‍රී රෝද රථවලින් රේස් පැදවූ පිරිසක් වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වත්තල පොලීසියට ලද තොරතුරක් මත අද (28) අලුයම මෙම පිරිසව අත්අඩංගුවට ගෙන ඇත.

බේකරි ජානා කොටු කර ගත් විශේෂ කාර්ය බළකායේ මහා මෙහෙයුම..

බේකරි ජානා කොටු කර ගත් විශේෂ කාර්ය බළකායේ මහා මෙහෙයුම..

මෙහිදී ත්‍රී රෝද රථ 09ක් සහ රියදුරන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. රියදුරන් අවුරුදු 18ත් 22ත් අතර වයස්වල පසුවන වැල්ලම්පිටිය, දෙමටගොඩ, මෝදර, කෙරවලපිටිය හා මාබෝල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. දීර්ඝ කලක සිට මෙම පිරිස මධ්‍යම රාත්‍රියේ දී කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ මාබෝල ප්‍රදේශයේ මෙම රේස් පැදීම සිදුකළ බව ප්‍රදේශවාසීන් පවසයි.

මෙම රේස් පැදීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවලට, පදිකයින්ට සහ ප්‍රදේශවාසීන්ට මහත් පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වී ඇති බව අනාවරණය වී තිබේ.

වැරදි කෙනාව මංකොල්ල කන්න ගිහින් සිද්ධ වුණ දෙයක්..

වැරදි කෙනාව මංකොල්ල කන්න ගිහින් සිද්ධ වුණ දෙයක්..

අත්අඩංගුවට ගත් ත්‍රී රෝද රථ රියදුරන් රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී හෙළි වී ඇත්තේ ඔවුන් මත්පැන් පානය කර ඇති බවය.

සැකකරුවන් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.