T56 ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
By Mithu
මට්ටක්කුලිය සමිත් පුරප්‍රදේශයේදී ටි 56 ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කොළඹ උතුර අපරාධ කොට්ඨාසය පවසයි.
එම සැකකරු සන්තකයේ තිබීම එම ජීව උණ්ඩ 29 ක් ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මට්ටක් කුලියපදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් වන අතර දිවයින පුරා ක්‍රියාත්මක අපරාද හා මත්ද්‍රව්‍ය මෙහෙයුමට සමගාමීව මෙම සැකකරු අඩංගුවට ගෙන ඇත.