අපරාධයකට සැරසුණු පුද්ගලයෙක් අත් බෝම්බයක් සමඟ අත්අඩංගුවට.
By Wayomi
ඊයේ (25) දින වලස්මුල්ල පොලිස් වසමේ යහල්මුල්ල ප්‍රදේශයේ දී මෙරට නිශ්පාදිත බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක් හා විදේශිය රටක නිශ්පාදිත ජීව අත් බෝම්බයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.
එහිදී සැකකරු කිසියම් අපරාධයක් සිදු කිරීමට සැරසෙමින් සිටිය බවට තොරතුරු අනාවරණය වි ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු වලස්මුල්ල පොලිසිය මගින් සිදුකරමින් සිටිනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුනේ, යහල්මුල්ල, වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 47 ක පුද්ගලයෙක්.