ශ්‍රී පාද වන්දනාවේ ගිය පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගනී..හේතුව මෙන්න.

Police Accident Fire accident Siripa karuna
By Aruna Jan 03, 2022 06:31 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රීපාද කරුණාවේ පැමිණි පුද්ගලයෙකු සිය සිරුරට ගිනි තබා ගැනීමෙන් බරපතල තුවාල ලබා දික්ඔය - ග්ලැන්කන් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද(03) අලුයම 1.30 ට පමණ මොහු නල්ලතන්නිය රථගාලේදී මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බව පොලීසිය පැවසුවා.

මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මෙම පුද්ගලයා ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක් බවටයි වාර්තා වන්නේ.

පෙම් සබඳතාවක් මුල් කරගනිමින් ඔහු මෙලෙස ගිනි තබාගෙන ඇති බවට පොලිසිය සැක කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now