දුම්රියක ගැටී පුද්ගලයෙක් මියයයි.

Report

ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියක ගැටීමෙන් පුද්ගලයකු මිය ගොස් තිබෙනවා.

අනුරාධපුරයේ සිට කොලොන්නාව බලා එම දුම්රිය ධාවනය වෙමින් පැවතුනි.

ඊයේ (15) රාත්‍රී 11.15ට පමණ මහව මඩපොකුණ ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය වාර්තා කරනවා.

මහව මඩපොකුණ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් තිබෙනවා.

පොලිසිය විසින් මෙම මරණය සිය දිවි නසාගැනීමක් ද නැතහොත් අනතුරක් ද යන්න පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.