අද උදෑසන සිදුවූ ඝාතනයට හේතුව හෙළිවේ..? සිදු වූ දේ කැමරා කාචයක සටහන් වේ.(PHOTOS)

COLOMBO NATIONAL HOSPITAL MULLERIYA ANGODA MEEGAHAVATHTHA SHOT
By Sewvandhi Oct 26, 2021 07:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මුල්ලේරියාවේ දී අද (26) සිදුකළ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් එම නිවසට පැමිණ ඇත්තේ, පොලිස් නිලධාරීන් ලෙස වෙස්වලාගෙන බව හෙළි වී තිබේ. මුල්ලේරියාව මීගහවත්ත ප්‍රදේශයේ දී අද පෙරවරු 6ට පමණ සිදුකර ඇති එම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ තන්තිරිගේ නුවන් නමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිස් නිලධාරීන් ලෙස වෙස්වලාගත් පුද්ගලයින් දෙදෙනෙක් යතුරුපැදියකින් අදාළ නිවසට පැමිණෙන දර්ශන CCTV කැමරාවක සනිටුහන්ව තිබුණි. අදාළ වෙඩිතැබීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ මත්ද්‍රව්‍ය ජවාරමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් වෙඩි තැබීමට හේතුව බවය.

"මුල්ලේරියාව පොලිස් වසමේ දෙල්ගහවත්ත ප්‍රදේශයේ අද උදෑසන 6.10ට පමණ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගිහින් තියෙනවා. ඒ වගේම පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයත්, ඒ වගේම මිරිහාන විශේෂ අපරාධ අංශය හා තවත් කණ්ඩායම් කිහිපයක් යොදවලා තියෙනවා. දැනට නිරීක්ෂණය වෙලා තියෙන කරුණු අනුව පෙනී යන්නේ මත්‍ද්‍රව්‍ය සම්බන්ධ ආරවුලක ප්‍රතිඵලයක් වශයෙන් මේ වෙඩිතැබීම වෙලා තියෙනවා. හැකි ඉක්මනින් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා."


GalleryGalleryGalleryGalleryGalleryGallery