ශ්‍රී ලංකාවේ සංචාරයට එන අමෙරිකානු පුරවැසියන්ට දැනුම්දීමක්...

Report

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ට දැනුම්දී ඇත්තේ, ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස ය.

ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටීමෙන් තිදෙනෙකු ජිවිතක්ෂයට...

ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටීමෙන් තිදෙනෙකු ජිවිතක්ෂයට...

ඒ අනුව එම රජය සංචාරක උපදේශයනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇති අතර ජනතාව රැස්වන ස්ථානවලට යෑමෙන් වළකින ලෙස දැනුම් දී ඇත.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙලෙස පවසා ඇත්තේ, සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙර, ඒ අතරතුර සහ පසුව උද්ඝෝෂණ ඇතිවීමට ඉඩකඩ පවතින බැවිනි.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ ජන මතය විමසන්නවුන්ට නීතිය දැඩි වේ...

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ ජන මතය විමසන්නවුන්ට නීතිය දැඩි වේ...

මීට අමතරව ඔවුන් වැඩිදුරටත් අනතුරු අඟවා ඇත්තේ, සාමකාමී ජනතා එකතුවීම් පවා පෙර දැනුම්දීමකින් තොරව කලහකාරී විය හැකි බවයි.