ශ්රී ලංකාවේ සංචාරයට එන අමෙරිකානු පුරවැසියන්ට දැනුම්දීමක්...
By Parami Dissanayake
අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ට දැනුම්දී ඇත්තේ, ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස ය.
ඒ අනුව එම රජය සංචාරක උපදේශයනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇති අතර ජනතාව රැස්වන ස්ථානවලට යෑමෙන් වළකින ලෙස දැනුම් දී ඇත.
අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව මෙලෙස පවසා ඇත්තේ, සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙර, ඒ අතරතුර සහ පසුව උද්ඝෝෂණ ඇතිවීමට ඉඩකඩ පවතින බැවිනි.
මීට අමතරව ඔවුන් වැඩිදුරටත් අනතුරු අඟවා ඇත්තේ, සාමකාමී ජනතා එකතුවීම් පවා පෙර දැනුම්දීමකින් තොරව කලහකාරී විය හැකි බවයි.