ඊශ්‍රායලයේ සිට පැමිණෙන ලාංකිකයන්ට දැනුම් දීමක්

Israel Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 17, 2025 05:27 AM GMT
Hashini

Hashini

Report

ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම RE-ENTRY වීසා කාලය දිගු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර කිහිපයක් නිවේදනය කර තිබෙනවා.

එම නිවේදනය නිකුත් කර ඇත්තේ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විසින්.

ඒ අනුව, ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලය වෙත ඇතුළුවීම වීම සඳහා RE-ENTRY වීසා කාලය දික් කරගැනීමට තානාපති කාර්යාලය පහත සඳහන් පියවරයන් අනුගමනය කළ යුතු බව දැනුම් දෙයි.

මාලිමා සභාපතිට පහර දෙයි - ආරක්‍ෂාවට STF කැඳවයි

මාලිමා සභාපතිට පහර දෙයි - ආරක්‍ෂාවට STF කැඳවයි

1. ඉරාන-ඊශ්‍රායල් යුද්ධය ආරම්භ වී දින පටන් මාස දෙකක කාලයකට RE-ENTRY වීසා කාලය දික් කර දෙන මෙන් PIBA ආයතනයෙන් ලිඛිත ඉල්ලීමක් කිරීම. එය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පමණක් නොව අනෙකුත් රටවල පුරවැසියන්ට අදාළ වන ලෙස ක්‍රියාත්මකවීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඒ සඳහා තරමක කාලයක් ගතවනු ඇත.

2. දැනට ඊශ්‍රායලයෙන් පිටත සිටින එහෙත් තම RE-ENTRY වීසා කාලය අවසන්වීමට කැමැත්තක් දක්වන පිරිස සඳහා ඊජිප්තුවේ කයිරෝ ගුවන්තොටුපොළ දක්වා ගුවනින් පැමිණ එතන සිට එලාට් නගරය දක්වා කුලී පදනමට ගත බස් රථයකින් අදාළ පිරිස ගෙන්වා ගැනීම. මේ සඳහා කැමති පිරිසක් සිටිනම් කණ්ඩායමක් ලෙස ඔවුනට ඊජිප්තුවේ කෙටිකාලින වීසා ලබාගැනීම හා බස්රථයක් ලබා ගැනීමට අපට සහාය විය හැක. මේ පිරිස කණ්ඩායමක් ලෙස පැමිණිය යුතුවේ. එසේ සිටින පිරිස කණ්ඩායමක් ලෙස තම නම, ගමන් බලපත්‍ර අංකය හා දුරකථන අංකය තානාපති කාර්යාලය ලබා දිය යුතුය.

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

3. එසේ කණ්ඩායම් වශයෙන් නොපැමිණෙන පිරිස තම විසින් ඊජිප්තු වීසා ලබාගත් යුතු අතර කයිරෝ සිට එලාට් දක්වා ප්‍රවාහන පහසුකම් ඔවුන් සපයා ගත යුතුය.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ මෙම වීසා ලබාගැනීම, ගුවන් ටිකට්පත් නැවත ලබා ගැනීම හා ප්‍රවාහන පහසුකම් සඳහා අවශ්‍ය වියදම් තමතමන් විසින් දැරිය යුතු බවයි.

ඔවුන් පවසා සිටින්නේ, තානාපති කාර්යාලයට කළ හැක්කේ පහසුකම් සැපයීම හා සම්බන්ධීකරණය කිරීම පමණක් බවය. 

ඉරානයේ අධ්‍යාත්මික නායකයා ඝාතනය කර ගැටුම නිමා කරන බවට නෙතන්යාහු කියයි

ඉරානයේ අධ්‍යාත්මික නායකයා ඝාතනය කර ගැටුම නිමා කරන බවට නෙතන්යාහු කියයි

ReeCha