ඇමති කෙනෙක් කියලා රවට්ටලා කේක් හොරකම් කරලා කාලා
වෙන්නප්පුවේ කේක් නිර්මාණ ශිල්පිනියක්, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස හැසිරුණු පුද්ගලයෙකු විසින් රු. 22,750ක වංචාවකට ලක්වූ බවට පැමිණිල්ලක් කර ඇත.
ඔහු කේක් එකක් සහ මල් කළඹක් ඇණවුම් කරමින් මුදල් බැංකුවකට බැර කරවාගෙන ඇත.
පසුව විස්කි බෝතල් හතරක්ද ඇණවුම් කරමින් වෙනත් පුද්ගලයෙකුගේ නමක් සඳහන් කර තවත් මුදල් ඉල්ලීම් කර ඇත. දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොලැබීමෙන් වංචාවට ලක්වී ඇති බව සැක කළ කේක් ශිල්පිනිය පොලිසියට පැමිණිල්ලක් සිදු කළ අතර, වෙන්නප්පුව පොලිසිය මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.