රාජ්‍ය සේවකයින්ට දැනුම් දීමක්...

By Hashini May 10, 2025 04:26 AM GMT
Report

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කරමින් නිකුත් කර ඇත.

එය 2025.05.01සිට ක්‍රියාත්මක කෙරේ.

එහි දැක්වෙන්නේ 2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප වැඩිකිරීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් සඳහා ආපදා ණය ලබාදීමේ උපරිම සීමාව දැනට පවතින රු. 250,000 සිට රු. 400,000 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බවය. 

විරාත් කෝලි ගත් අලුත්ම තීරණය....

විරාත් කෝලි ගත් අලුත්ම තීරණය....