ජල බිල්පත් ගෙවීමට නව ක්‍රමයක්.මාර්තු සිට ක්‍රියාත්මකයි.

Sri Lanka Water Board
By Wayomi Feb 21, 2023 09:59 AM GMT
Wayomi

Wayomi

Report

ජල බිල්පත් නිකුත් කරන අවස්ථාවේදීම බිල ගෙවීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා.

එහි නියමු ව්‍යාපෘතිය උතුර සහ උතුරු මැද පළාත්වලින් එය ආරම්භ කරන බවයි ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසන්නේ.

මාර්තු 01 වැනි දා සිට ක්‍රියාත්මක කරනු ලබන නව ක්‍රමවේදයට අනුව, බිල්පත සමග ලබා දෙන රිසිට්පතට බැංකු හර සහ බැර කාඩ්පත්වලින් එම අවස්ථාවේම ගෙවීම් කළ හැකි බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා සඳහන් කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...         

JOIN NOW