කංසා ගැන පුදුම හිතෙන හෙළිදරව්වක්.
Australia
By krishani
කංසා භාවිතය ලෙඩ රෝග රැසකට සාර්ථක ප්‍රතිකර්මයක් බව ඔස්ට්‍රේලියාවේ සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
මෙම පර්යේෂණය සඳහා රෝගීන් 3000ක් යොදාගෙන ඇති අතර එම රෝගීන් අතර පිළිකා සහ මානසික රෝගීන් ද සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ අනුව වෛද්‍ය නිර්දේශය මත පමණක් ඖෂධීය කංසා භාවිතයට ගත හැකි බව ඔවුන් වාර්තා කර තිබෙනවා.
එමෙන්ම නියමිත මාත්‍රාවට අනුව එම ඖෂධ භාවිතයට ගතයුතු අතර ඔස්ට්‍රේලියාව තුළ පළමුවරට 2016 වසරේ දී ඖෂධීය කංසා භාවිතයට අවසර හිමි විය.
කෙසේවෙතත්, එරට මේ වනවිට 332,000 කට වැඩි රෝගීන් පිරිසක් වෛද්‍ය නිර්දේශ මත ඖෂධීය කංසා භාවිතයට ගන්නා බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |