ජනතාවට ඇඩෙන තවත් බද්දක් ගහන්න යයි..IMF එකෙන් දැනුම්දීමක්..

Report

2025 වනවිට රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා ලබන වසරේ සිට දේපළ බද්ද ක්‍රියාත්මක කිරීම ඉතාම අනිවාර්ය කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ_වර් මහතා සඳහන් කළ බව බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය (BBC) වාර්තා කරනවා.

ජනතාවට ඇඩෙන තවත් බද්දක් ගහන්න යයි..IMF එකෙන් දැනුම්දීමක්.. | A New Tax On Property

ඔහු සඳහන් කර ඇත්තේ, ඊට පෙර රටේ සියලු දේපළ නිසි ලෙස තක්සේරු කළ යුතුවන අතර අනතුරුව ඒ සඳහා බදු අයකළ යුතු බවයි.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත්තේ, බදු අයකරන දේපළ නිසි ලෙස ලියාපදිංචි කර තිබීමද අවශ්‍ය වන බවයි.

මූල්‍ය අරමුදල මෙලෙස නිර්දේශ කරන්නේ මෙතෙක් ශ්‍රී ලංකාව අපේක්ෂිත බදු ආදායම් ඉලක්ක සපුරා නැති බැවින් බවයි BBC වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන්නේ.

මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට වෙන්කළ ඇමෙරිකානු ඩොලර් කෝටි 290ක විස්තීර්ණ ණය මුදලින් මේ වන විට වාරික දෙකකදී ඩොලර් මිලියන 670ක් ලබා දී ඇත.

ඉදිරි ණය වාරික අනුමත කිරීමට පෙර ලබන මාර්තු අප්‍රේල් අතර මීළඟ සමාලෝචනය සිදුකිරීමට නියමිතව තිබීම ද විශේෂත්වයක්.