විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමට නව තනතුරක්.

Dr Ramesh Pathirana Sri Lanka Ministry of Health Sri Lanka
By Hashini Oct 31, 2023 06:37 AM GMT
Hashini

Hashini

Report

 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත් කර තිබෙනවා.

එම පත්කිරීම අද (31) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් සිදු කර තිබෙනවා.

මෙම පත්වීම ප්‍රදානයකර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ අමාත්‍යවරයා පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා 1992 වර්ෂයේ දී රාජ්‍ය සේවයට එක් වී තිබෙනවා.

වර්ෂ 2000 දී විශේෂඥ වෛද්‍යවරයෙකු බවට පත්වූ එතුමා මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

ReeCha