නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්..
නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ඉදිරියේ දී හඳුන්වාදෙන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් සඳහන් කළේ ය.
ඒ කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
ඒ අනුව රජය විසින් හඳුන්වාදීමට නියමිතව ඇත්තේ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් ය.
එම ක්‍රමවේදය ක්‍රියාත්මක කළ ලෝකයේ රටවල් රැසක් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.
මේ අතර, විශ්‍රාම ගන්නා සේවකයන්ට හිමි විශ්‍රාම වැටුප් කඩිනමින් ගෙවීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර සුමිත්‍රආරච්චි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
සභාපතිවරයා විසින් පෙන්වා දුන්නේ විශ්‍රාම වැටුප් ලැබීමට දීර්ඝ කාලයක් ගතවීම නිසා ජනතාව අපහසුතාවට පත්වන බවයි.
නිවැරදි ආකාරයෙන් අදාළ අයදුම්පත් සම්පූර්ණ නොකිරීම හේතුවෙන් මෙලෙස විශ්‍රාම වැටුප් සැකසීම ප්‍රමාද වන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහන් කළ අතර විශ්‍රාම වැටුප් පිළිබඳ තොරතුරු ලබාගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පිළිබඳව ජනතාව තුළ කළකිරීමක් පවතින බව එහි සභාපතිවරයා පැවසීය.
කෙසේවෙතත්, නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ජනතාවට පහසුවෙන් සේවා සලසන අයුරින් ක්‍රියා කරන ලෙස සභාපතිවරයා නිළධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |