විශ්වවිද්‍යාල සිසුන්ට අලුත් නීතියක්. වැරදුණොත් ශිෂ්‍යභාවය අහෝසියි.

Sri Lanka Government Of Sri Lanka
By Wayomi Feb 21, 2023 08:01 AM GMT
Wayomi

Wayomi

Report

 විශ්වවිද්‍යාලවලට තේරෙන සිසු සිසුවියන්ගෙන් පොරොන්දු සහතිකයක් ලබාගෙන ඔවුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් ප්‍රකාශ කරනවා.

එලෙස අත්සන් ලබා ගනු ලබන්නේ, විශ්වවිද්‍යාල දේපළවලට හානි නොකරන බවට හා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ කලහකාරී සිද්ධි ඇති කර නොගන්නා බවට සඳහන් පොරොන්දු සහතිකයකටයි.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට දැරිය යුතු කැපකිරීම හා එසේ දිනාගත් අයිතියේ වගකීම පිළිබඳව එම පොරොන්දු සහතිකය මගින් සිසු සිසුවියන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම මෙය සමාජ සම්මුතියක් බව ද එම සම්මුතිය බිඳදමන සිසු සිසුවියන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.

මේ අතර ඔහු වැඩි දුරටත් පෙන්නවා දෙන්නේ, විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන එක් සිසුවෙකු සිසුවියක වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ 8ක් වැය කරන බවත්. ඒ අනුව වසර 4ක අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාලයෙන් පිටව යන සිසුන් වෙනුවෙන් වසර 4ට රුපියල් ලක්ෂ 32ක් වැනි විශාල මුදලක් වැය කිරීමට රජයට සිදුව ඇති බවත්ය.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...         

JOIN NOW