දර ළිපෙන් උයන්න ගිය අලුත් මනමාලියට වුණ දේ...
ගෑස් වැඩි නිසා ලාභදායක ලෙසට දර ළිපෙන් කෑම පිසීමට ගිය තම බිරියට වෙච්ච කැළල මකන්නට සැමියා ගෑස්වලට වඩා වැඩි මුදලක් වැය කරන පුවතක් ඇතුගල්පුරවරය තුළ පිහිටි මෙරට තුන්වැනි රාජධානි පෙදෙසකින් අසන්නට ලැබේ. තරුණ වියේ දී නිසි වයස සම්පූර්ණ වූ ඇය ගම්බද පෙදෙසක ඉහළ තනතුරක් හොබවන තරුණයකු සමග විවාහ විය.
විවාහයෙන් පසුව ඇය සැමියාගේ නිවසේ වාසයට පැමිණියාය. ටික දිනකින් ඔහු ස්ථාන මාරුවක් ලැබ කොළඹ සේවයට ගියේය. නිවසේ සිටි නවක බිරියගේ තනියට නැන්දම්මා පැමිණියාය. දෙදෙනා එහි ගෑස් භාවිතා කරමින් ඉහුම් පිහුම් කටයුතුවල නියැළෙති. හිටි හැටියේ ගෑස් මිල ඉහළ යාම නිසා ගෑස්වලට තිත තබා දර ළිප භාවිතා කිරීමට නැන්දම්මා තීරණය කළාය.
සිදාදියේ සිටි ලේළියට දර භාවිතයෙන් දුම්ගසනා ළිපේ ගින්දර අසුන්දර වුවත් නැන්දම්මාගේ මතයට ඇය අකැමත්තෙන් වුවද කැමැත්ත පළ කළාය. ලිප් ගල් වෙනුවට යකඩ තහඩු තුනක් සවිකර ළිප හැදුවාය. වත්තෙන් සොයා ගත් පොල් පිති, පොල් කටු, පොල් ලෙලි හා දර භාවිතා කරමින් ගින්දරෙන් කෑම පිසින්නට නැන්දම්මා පියවර ගත්තාය.
එය බලා සිටි ඇය පසුදින පාන්දරින්ම නැන්දම්මාට පෙර අවදි වී ගින්දර පත්තු කර කෑම පිසිමින් සිටියාය. ටික වේලාවකට පසුව ඇය නැගූ විලාපය නැන්දම්මාට සේම අවට නිවෙස්වලට ද දෝංකාර දුණි. ඔවුන් වහ වහා කුස්සිය කරා පැමිණි විට ඇය නාසය පුළුස්සාගෙන වේදනාවට පත්ව විලාප නගනා අයුරු දැක ගැනීමට හැකි වුණි.
ළිපට ළං වී පිඹිනා විට ලිප් ගල් වෙනුවට සවිකර තිබූ රත් වූ යකඩ කණුවල නාසය ගැටීමෙන් නාසයට පිළිස්සුම් තුවාල සිදු වී තිබේ. ඇය රෝහල් ගත කෙරුණි. ඇයගේ තුවාලය දැනට සුවපත් වී ඇතත් කැළල මැකී ගොස් නැත.
එය සුවපත් කරන්නට සැමියා ඇය කැටුව විශේෂඥ වෛද්‍යවරුන් සොයා යන බවත්, ගෑස් එකකට නොව ගෑස් දුසිමකට වඩා වැඩි මුදලක් මේ වනවිට සැමියා ඒ වෙනුවෙන් කාබාසිනියා කර ඇති බවත් පවුලේ උදවිය පවසති.
සිසිර කැලේගම
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |