මහනුවරින් '' අපේ සන්ධානය'' නමින් නව සන්ධානයක්...

Kandy Sri Lanka Doctors
By Parami Dissanayake Jul 24, 2024 06:05 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (24) මහනුවර ඩෙවෝන් ශාලාවේ දී ව්‍යෛවරුන් කණ්ඩායමක් ඇතුළු විද්වතුන් එක්ව නව ක්‍රමයක් නීතී ගරුක රටක් යන තේමාව මූලික කරගනිමින් ‘‘අපේ සන්ධානය‘‘ නමින් නව දේශ⁣පාළන සන්ධානයක් පිහිටුවා ගත්තේ ය.

පොලීසියට අණ දීමට පොලිස්පතිවරයෙක් නෑ...

පොලීසියට අණ දීමට පොලිස්පතිවරයෙක් නෑ...

එහි සභාපති වෛද්‍ය මංගල කුමාර මහතා සහ ලේකම් ජයලාල් නිශ්ශංක යන මහත්වරු කටයුතු කරයි.

''අපේ රටට පසුගිය වසර 74 තුල කිසිදු ජාතික වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වී නැහැ අපේ රට ආර්ථික වශයෙන් දූෂණයට වංචාවට ලක්වූ දේශයක් අපි අද ඉතා පහල තත්ත්වයට ඇද වැටී ඇත්තේ මෙරට නීතීය ඉතාමත් පහළට ඇද වැටී ඇති නිසා... ඇද වැටී තිබෙන අපේ රට ගොඩ ගැනීමට මේ රටේ සියලු ජාතික සංවිධාන වල නියෝජිතයන්ට අපි ඇරයුම් කරනව.මේ රට සැමට පොදු නීතී⁣යක් ක්‍රියාත්මක වන නීතී ගරුක රටක් ලෙස රට හදන්න සැමගේ සහාය අපේක්ෂා කරනවා ''

යනුවෙන් එහිදී අදහස් දක්වමින් සභාපති වෛද්‍ය මංගල කුමාර මහතා පැවැසීය.    

ReeCha