මියගොස් සිටි මෙරට මන්ත්‍රීවරයකුගේ සිරුරක් සොයා ගැනේ - හේතුව මෙන්න..

By Sewvandhi Dec 01, 2021 10:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

යාපනය - චාවකච්චේරි පොලිස් වසමේ තනංකිලිප්පු, අරුකුවේලි ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ තිබී, හිටපු ද්‍රවිඩ ජාතික සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ මළ සිරුරක් අද (01) උදෑසන සොයාගත් බවට චාවකච්චේරි පොලීසිය පවසනවා.

මෙලෙස නිවසක් තුළ දී මිය ගොස් ඇත්තේ, වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වූ 51 හැවිරිදි සුබ්‍රමිණියම් සිවපාලන් නමැත්තෙක්.

ජීවිතක්ෂයට පත් වූ මෙම මන්ත්‍රීවරයා අරකුවේලි ප්‍රදේශයේ පිහිටි අදාළ නිවසේ තනිවම කාලය ගත කොට ඇති බවටත්, මියයාමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතරම නිවසේ සිටින අතරතුර කිසියම් අසනීප තත්ත්වයක් ඇති වී මිය යන්නට ඇති බවටත්, පොලීසිය සැක පළ කරනවා.

අදාළ නිවසින් දැඩි දුර්ගන්ධයක් හැමීම හේතුවෙන් ප්‍රදේශවාසියෙකු විසින් ඒ පිළිබඳව චාවකච්චේරි පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් නිවසට පැමිණ පරික්ෂා කිරීමෙන් පසුව මෙම මළසිරුර සොයාගනු ලැබුවා.

අනතුරුව පොලිස් නිලධාරීන් විසින් අදාළ නිවසට ගොස් පරික්ෂා කර ඇති අතර, මළ සිරුර මේ වන විට පශ්චාත් මරණ පරික්ෂණයට යොමු කොට ඇති බවත්, පී.සී.ආර්. පරික්ෂණයක් ද සිදු කිරීමට පියවර ගෙන ඇතැයි ද පරික්ෂණ සිදු කරන චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW