බෙරගල කන්දේ පස් කන්දක් කඩා වැටී සිදුවූ අවාසනාවන්ත සිදුවීම
Earthquake
Landslide In Sri Lanka
Sinhala news
By Mithu
බෙරගල - වැල්ලවාය මාර්ගයේ විහාරගල ප්‍රදේශයේදී (184km) පස් කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අවහිර වී තිබේ. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමන්ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන්නැයි දැනුම්දී ඇත.
විකල්ප මාර්ග ලෙස ඇල්ල - වැල්ලවාය මාර්ගය භාවිත කළ හැකි බවද බදුල්ල දිස්ත්‍රික් බලධාරීන් පැවසීය.
අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ අද (19) අලුයම මෙම සිදුවීම වාර්තාවූ බවත් පස් කඩාවැටීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ බවත්ය. අවහිරවී තිබෙන මාර්ගයේ පස් ඉවත් කිරීම සඳහා අදාළ පාර්ශ්වයන් දැනුවත් කර ඇති බවත් හැකි ඉක්මණින් එම කටයුතු සිදුකරන බවත් බලධාරීන් පැවසීය.
