නෑනාගේ රන් භාණ්ඩ සොරකම් කල දෙදරු මව

police sri lanka mother Polonnaruva gold stolen
By Sewvandhi Jan 09, 2022 03:52 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තම නෑනාගේ රන් භාණ්ඩ තොගයක් සොරාගත් බව කියන තල්පොත ප්‍රදේශයේ දෙදරු මවක පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

රන් මාල 2, මුදු 2, පෙන්ඩන්ට් 1 ආරක්ෂාව සඳහා සිය නැන්දනියට ලබාදී ඇති අතර එම රන් භාණ්ඩ තොගය අල්මාරියේ සුරක්ෂිතව තිබියදී මෙලෙස සොරාගෙන ඇත.

එම රන් භාණ්ඩ කදුරුවෙළ ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානයකට අලෙවි කර තිබියදි සොයාගත් බව ද පොලිසිය පවසයි.

කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශය සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනයේ ඇය මෙම රන් භාණ්ඩ තොගය සොරා ගත් බවට තහවුරු වූ බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now