එක්දරු මවක් ඇඳක ගැටගසා ලිංගික අතවර කරලා. - අතවරය වීඩියෝ කරලා.

Sri Lanka Police Sri Lanka Crime
By Wayomi Aug 07, 2023 07:58 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය දෙවෙනිදා ඕපනායක ප්‍රදේශයේ නිවසකට පැන්න පුද්ගලයෙක් එම නිවසේ සිටි කාන්තාවක් නිරුවත් කර ඇඳේ ගැටගසා ලිංගික අතවර සිදු කර ඇති බව ඕපනායක පොලිසිය පවසනවා.

එලෙස මෙම අපරාධයට ගොදුරු වී ඇත්තේ 34 හැවිරිදි එක්දරු මවක්.

මේ සිද්ධිය පිළිබඳව නිවැසියයන් පෙරේදා (05 වැනිදා) ඕපනායක පොලිසිය වෙත පැමිණිළි කර තිබුණා.

ඒ, අනුව ඊයේ (06 වැනිදා) ස්ථානීය අපරාධ පරීක්ෂණ නිලධාරීන් (සොකෝ නිලධාරීන්) විසින් අපරාධ ස්ථානය නිරීක්ෂණය කරනු ලැබූ අතර අතවරයට පත් කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර තිබෙනවා.

එමෙන්ම මෙම සැකකරු අදාල කාන්තාවට කළ ලිංගික අතවරය ජංගම දුරකතනය මගින් වීඩියෝ කර එය කාන්තාවගේ දුරකතනය වෙත එවා ඇති බවයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් ඕපනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.    

ReeCha