අනියම් පෙමක් අවසානයේ මහ කැලෑවක් මැද කාන්තාවක් කළ අපරාධය - මෙරට ප්‍රදේශයකින් ඇහෙන හද කකියන කතාව

police wariyapola abakadavara miner
By Sithumi Dec 05, 2021 01:08 PM GMT
Sithumi

Sithumi

Report

වාරියපොළ අඹකඩවර ප්‍රදේශයේ පස්දරු මවක තම දරුවන් පස් දෙනා කැලෑවක අතරමං කර අනියම් සැමියකු සමග ගිය පුවතක් වාරියපොළ පොලිසියෙන් වාර්තා වනවා.

කැලෑබද ඉඩමක කුඩා දරුවන් පස් දෙනකු අඬමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට ගොස් දරුවන් පස් දෙනා පොලිසිය බාරයට ගෙන තිබෙනවා.

ඒ වන විට ඔවුන් දින දෙකක් තිස්සේ නිරාහාරව සිට ඇතැයි ද පොලිසිය පැවසුවා.‍ එම දරුවන් පස් දෙනා අවුරුදු 12 – 02 අතර වයස්වල පසුවන බව සදහන්.

දරුවන්ගේ පියා අධික ලෙස මත්වතුර පානයට අබ්බැහි වූ පුද්ගලයකු බවත් පදමට මත් වී නිවසේ නිදා සිටියදී දරුවන් ද අතරමං කර 35 හැවිරිදි අයකු හා පැන ගොස් ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.‍

පොලිස් බාරයට ගත් දරුවන් පරිවාස බාරයට පත් කරන තෙක් දරුවන්ගේ ලොකු අම්මා බාරයට පත් කර ඇති බවයි වාර්තා වන්නෙ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now