සැමියාට හොරෙන් නැන්දම්මා බිරිඳ මහණ කරවලා...

thero polpithigama mother in law daughter in law sawed
By Sewvandhi Oct 27, 2021 01:31 PM GMT
Sewvandhi

Sewvandhi

Report

විවාහ වී වසරකට අධික කාලයක් ගතවී ඇති බිරිඳ සැමියාගේ අවසරයකින් තොරව ඇගේ මව විසින් පැය කිහිපයක් ඇතුලත පැවිදි කරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. වයස අවුරුදු 29 සහ 22 යන වියයන්හි පසුවන මෙම යුවල ප්‍රේම සම්බන්ධතාවයකින් අනතුරුව සිය අභිමතයට විවාහ වී තිබෙනවා.

පසුව ඔවුන් දෙදෙනා ඔවුන්ටම කියා නිවසක් ඉදි කරගෙන ඇති අතර නැන්දම්මා ද එහි යාමට ඒමට පටන් ගෙන තිබේ. නැන්දම්මාගේ උපදෙස් වලට බෑනා අවනත නොවීම සම්බන්ධයෙන් ඇය සිට ඇත්තේ කලකිරීමෙනි. ඉන්පසු පසුගිය 24 වනදා රාත්‍රියේදීම සැමියාගේ අවසරයකින් තොරව නැන්දම්මා විසින් සිය දියණිය රැගෙන ගොස් මෙහෙණි ආරාමයක ට ඇතුළත් කර ඇයව එම මොහොතේම පැවිදි කරවා තිබෙනවා.

සිය බිරිඳ ඉල්ලා සංවේගයට පත් සැමියා 25 වනදා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පැමිණිල්ල විභාග කිරීමට මෙහෙණි ආරාමය ට පොලිස් නිලධාරීන් ගිය අවස්ථාවේදී සිය ගිහි ජීවිතයේ සැමියා මෙහෙණි ආරාමය ට පැමිණ තමාට බැණ වැදුණු බවට නවක මෙහෙණිය විසින් එම ස්ථානයේ සිටම පැමිණිල්ලක් කර තිබෙනවා.

සියලු පාර්ශවයන් කැඳවා මේ පිළිබඳව විමර්ශනයක් ඊයේ සිදු කිරීමට නියමිතව තිබූ නමුත් සිල් මාතාව එයට සහභාගි නොවීම නිසා පරීක්ෂණ කටයුතු කල් දමා තිබෙනවා.

(ලංකාදීප - උපුටා ගැනීම)


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.