පන්සලේ අරක්කු බීම ගැන විමසූ හාමුදුරුවන්ගේ නහය කැඩෙන්න ගහලා... ඕඅයිසී පුතයි, හමුදා පුතයි ඇතුළු 3ක් අත්අඩංගුවට...

JAFFNA ANURADHAPURA SAMA TEMPLE EPPAVALA ARMY OFFICER
By Sewvandhi Nov 16, 2021 12:32 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අනුරාධපුර සාම විහාරයේ තුළ මත්පැන් පානය කළ බව කියන පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ පුත්‍රයෙකු ඇතුළු තිදෙනෙකු විසින් එහි වැඩවසන විහාරවාසි හිමිනමකට සංඝාවාසය තුළදී පහරදී තුවාල සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඊයේ අනුරාධපුර පොලිසියට බාර වීමෙන් පසුව අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසනවා.

එප්පාවල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි මෙවර උසස් පෙළ හැදෑරීමට නියමිත එප්පාවල නගරයේ පාසලක ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සදහන් කළා. අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා අතර යාපනය කොඩිකාමන් පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ පුත්‍රයා හා යුද හමුදා නිලධාරියෙකුගේ පුත්‍රයකු සිටින බව පොලිසිය පවසයි. ප

හරදීමට සැක කරන තරුණයන් තිදෙනා 12 වැනිදා සවස් කාලයේ විහාරස්ථානයේ ධර්මශාලා ගොඩනැගිල්ල පිටුපස සිට මත්පැන් පානය කර තිබෙන අතර ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ හිමිනමට ප්‍රහාරය එල්ලවූ බව කියමින් පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

පහරකෑමට ලක්වූ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ජාතික පාසලේ ඉංග්‍රීසි ආචාර්යවරයෙකු වන පූජ්‍ය බුල්නෑවේ ධම්මික හිමියන් ප්‍රහාරයෙන් තුවාල ලබා මේවන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. උන්වහන්සේට තරුණයන් තිදෙනා එල්ල කළ ප්‍රහාරයෙන් නාසය කැඞී රුධිරය වහනය වන අතර එක් අතකට හා හිසට පහරදීම නිසා තැලූ‍ම් තුවාල සිදුවී ඇති බව පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

   

ReeCha