'වහාම රට අරින්න’...භික්‍ෂූවක් පාර මැද වාඩි වී විරෝධතාවක…(VIDEO)

Covid Sri Lanka Religion Gotabaya Rajapaksha
By Aruna Jun 14, 2021 07:42 AM GMT
Aruna

Aruna

Report

භික්‍ෂූන් වහන්සේ නමක් දඹුල්ල නගරයේ ආර්ථික මධ්‍යස්ථානය අසල ඒ-9 මාර්ගයේ මැද වාඩි වූ විරෝධතාවක නිරත විය.

දිඹුලාගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන මාතලේ ශාසනරතන නම් භික්ෂුන් වහන්සේ නමක් මෙසේ විරෝධතා දැක්වීය.

හිමියන් පාර මැද ඉදගෙන රට අරින්න යැයි උස් හඬින් කෑ ගසමින් ඉල්ලිම් කල අතර දඹුල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ව්සින් අදාල හිමිනම ඉවත් කිරිමට උත්සහ කලද නොහැකි විය.

අනතුරුව දඹුල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා පැමිණ කරුණු විමසා සිටි අතර ජනපති කාර්යාලයේ පුද්ගලයකු සම්බන්ධ කරන්න යැයි භික්‍ෂුව නගර සභාවට කැදවාගෙන ගියේය.

අනතුරුව නගර සභාවේදි දුරකථනයෙන් ලේකම්වරයකුට කතා කිරිමේ අවස්ථාව ලැබුණු බවත් පසුව ප‍්‍රකාශයක් ගන්න යැයි පොලිසියට ගෙන ගියේය.

කෙසේ වෙතත් පොලිසියෙන් අත්අඩංගුවට නොගන්න බවද කට උත්තරයක් ලියාගත් බවද හිමියන් පැවසූහ.

උන්වහන්සේ‍ගේ ඉල්ලීම වුයේ ‘රට වහනවානම් කඩ අරිනවානම්, සල්ලි ගනුදෙනු වෙනවානම් මෙහෙම වහලා වැඩක් නෑ රට අරින්න.

නැතිනම් හොදටම වහන්න. නැතිනම් බොරු නොකර රටම අරින්න’ යන්නයි.

ජනාධිපතිවරයාටද එහිදී හිමියන් විසින් දැඩිව දෝෂාරෝපන කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now