පාංශුකූලයට වැඩමවීමට ගමේ පන්සලේ හාමුදුරුවෝ රු. 24,000ක් ඉල්ලලා.

Polonnaruwa Sri Lanka
By Wayomi Aug 05, 2023 05:47 AM GMT
Wayomi

Wayomi

Report

 කාන්තාවකගේ පාංශුකූල කටයුතු ඉටු කිරීමට රුපියල් 24,000 මුදලක් ඉල්ලා සිටි බව කියන භික්ෂුවක් පිළිබඳව පුවතක් අරලගංවිල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඒ, මියගිය තම මවගේ පාංශුකූල කටයුතු සඳහා පුතෙකු විසින් ගම්මානයේ විහාරස්ථානයේ විහාරාධිපතිට ආරාධනා කිරීමට ගිය අවස්ථාවකි.

පසුව පොලිසිය විසින් අදාළ විහාරස්ථානයේ විහාරාධිපති කැඳවා පවුල පත්ව ඇති අසරණ භාවය පිළිබඳ දැනුවත් කළ ද එය නිෂ්ඵල වී ඇති අතර ස්වාමීන් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් පොලිසිය මැදිහත්වීමෙන් වෙනත් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා දහනමක් වැඩමවා, එම පාංශුකූල කටයුතු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සිදු කර ඇති බවයි වාර්තා වුණේ.

මවගේ රෝගී තත්ත්වය නිසා ඇති වූ අපහසුතා හේතුවෙන් වසර දෙකකට අධික කාලයක් පුරා විහාරස්ථානයට දානය ලබාදීමට මෙම පවුලට නොහැකි වී තිබෙනවා.

ඒ හේතුවෙන්, විහාරාධිපති ස්වාමින්වහන්සේ පවසා ඇත්තේ ඊට දඩ මුදලක් වශයෙන් මාසෙකට රුපියල් 1000 බැගින් විහාරස්ථ දායක සභාවට රුපියල් 24,000ක මුදලක් ගෙවන ලෙසයි. 

ReeCha