ෆේස්බුක් එකට ඥාතීන් එකතු කර ගන්න කොට වැඩි විමසිල්ලෙන් ඉන්න...

Report

ඥාතියෙකු ලෙස පෙනී සිටිමින් ෆේස්බුක් ගිණුමට ව්‍යාජ ලෙස ඇතුළු වී මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (21) අදාළ සැකකරු මෙරටට පැමිණි අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අලුත උපන් බිළිඳෙකුට කල අහස පොළොව නුහුලන අපරාධය..සැගවූ රෙදි කඩින් එලියට..

අලුත උපන් බිළිඳෙකුට කල අහස පොළොව නුහුලන අපරාධය..සැගවූ රෙදි කඩින් එලියට..

මෙම සැකකරු ඥාතියෙකු ලෙස පෙනී සිටිමින් ෆේස්බුක් ගිණුමට ව්‍යාජ ලෙස ඇතුළු වී බැංකු ගිණුමකින් අවස්ථා 03 කදී රුපියල් ලක්ෂ 07ක් තැන්පත් කරවාගෙන කර ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 2024 අගොස්තු 22 වනදා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණු අතර පොලීසිය විසින් අදාළ ගිණුම් පරීක්ෂාවේ දී සැකකරු හඳුනාගෙන තිබුණි.

ඉක්මන් නිදහස ලබා ගන්න මෙන්න මේ දේ කරන්න ඕන කියපු කෙනාගේ නිදහසට වුණ දේ...

ඉක්මන් නිදහස ලබා ගන්න මෙන්න මේ දේ කරන්න ඕන කියපු කෙනාගේ නිදහසට වුණ දේ...

අදාළ සැකකරු සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අනුව ඔහු කටාර් රාජ්‍යයේ සිට ඇති බවට අනාවරණය වී ඇත.

සැකකරු සම්බන්ධයෙන් ආගමන විගමන තහනම් නියෝගයක් ලබාගෙන තිබූ අතර ඊයේ සැකකරු මෙරටට පැමිණිමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන මොන්නෑකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  

You may like this video