කොළඹට ජලය ගේන ප්‍රධාන නලයක් ගැලවීයයි. - ජලාපවහන මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්. - (VIDEO)

Colombo Water Cut Water Board Water
By Wayomi Jun 03, 2024 12:55 PM GMT
Wayomi

Wayomi

Report

අයහපත් කාලගුණික තත්ත්වය සමඟ කලටුවාව ජාල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගැලවී ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව උදෑසන 6 සිට 9 දක්වාත්, සවස 5 සිට රාත්‍රී 9 දක්වාත් ප්‍රදේශ කිහිපයකට අඩු පීඩන තත්ත්වය යටතේ ජල සැපයුම සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරන්නේ.

ඒ,ගලගෙදර, පාදුක්ක, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත මත්තෙගොඩ, මහරගම, බොරලැස්ගමුව සහ පැපිලියාන ප්‍රදේශවලට මෙලෙස අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙනු ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ආරක්ෂක අංශ සහ අනෙකුත් පාර්ශ්වවල සහායෙන් බිඳ වැටී ඇති ප්‍රධාන ජල නළය කඩිනමින් යථාතත්ත්වයට පත්කිරීමට පියවර ගෙන ඇති බවයි.