25 හැවිරිදි පෙම්වතියගේ අත ගන්න පැමිණි හතලිස් හැවිරිදි පෙම්වතෙක්. - අන්තිමේට සිද්දවුණු දේ.
රොටුඹ පොලිස් වසමේ, නාපත්ඇල්ල පොතුවිල, ගල්ලන්දහේන ලිපිනයේ පිහිටි වයස අවුරුදු විසිපහක්වූ තම පෙම්වතියගේ නිවසට පැමිණි, රත්නපුර, කහවත්ත, පනාපිටිය ලිපිනයේ පදිංචි අවුරුදු හතළිහක් (40) වයසැති පුද්ගලයෙකු තම පෙම්වතිය වූ සරසවි සිසුවිය සමග වාහවීමට ඇති අවශ්‍යතාව දෙමාපියන්ට දැනුම් දී තිබෙනවා.
එහිදී දෙදෙනාගේ වයස් පරතරය පිළිබඳව ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යෑම හේතුවෙන් ඇතිවූ ගැටුමක් දුරදිග යෑමෙන් එම තරුණියගේ පියාවූ උදැල්ලකින් සහ එම තරුණියගේ සහෝදරයකු වූ දහඅට (18) හැවිරිදි අය වක් පිහියකින්ද පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයා මියගොස් ඇති අතර කලක සිට පැවති මෙම සබඳතාවට පවුලේ විරෝධතාව පැවතුණත් අඛණ්ඩව මෙම ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගොස් තිබෙනවා.
ඝාතන සිද්ධියට අදාළ තරුණියගේ පියා සහ සහෝදරයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර මරණය පිළිබඳ පශ්චාත් පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදු කිරීමට නියමිතව තිබුණා.
මෘතදේහය ඌරුබොක්ක, හීගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. වැඩිදුර පරීක්ෂණ රොටුඔ පොලිසිය සිදු කළා.
- සිතුමි -
