හිටිහැටියේම කොළඹ රත් කරමින්, හමු වුණ දෙය මෙන්න.. බියෙන් හැමෝම සලිත වෙලා..
පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාට අයත් විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ ය.
ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික සමිත්පුර චතුරංග නොහොත් චතු නැමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව යි.
එය සොයාගෙන ඇත්තේ මට්ටක්කුලිය අනිවත්ත ක්‍රීඩාංගනය අසල මාර ගසක් මුල වළදමා තිබිය දී වේ.
2022 අගෝස්තු මස 29 වැනි දින මට්ටක්කුලිය පොලිස් වසමේ දී අසිත නැමැති පුද්ගලයකු වෙඩ් තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුව ඩුබායි රටට කොළඹ 15 මට්ටක්කුලිය සමිත් පුර පදිංචි කේ. ඩී. චතුරංග පෙරේරා නොහොත් චතු නැමැත්තා හොර රහසේ පලාගොස් තිබෙනවා.
එම අදාළ අපරාධය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොළිස් ස්ථානය මගින් ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව ඩුබායි රාජ්‍යයේ දී එරට පොලිසිය මගින් චතුරංග නොහොත් චතු නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍යය වෙත ගොස් ඉකුත් ජූලි මස 2 වැනි දින අපරාධ කල්ලි සාමාජිකයා මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ප්‍රශ්න කර විමර්ශන සිදු කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර කර ඇත.
එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අවශ්‍යතාවයක් වුව හොත් පරිහරණය කිරීම සඳහා ගනේ මුල්ල සංජීව නමැත්තා ලබා දුන් අත්බෝම්බයක් මට්ටක්කුලිය ක්‍රීඩාංගනයක් අසල වළ දමා තිබෙන බවට අනාවරණය කරගෙන තිබෙනවා.
එලෙස ලද තොරතුරු අනුව එම බෝම්බය සොයාගත් බව පොලිසිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, චතුරංග නොහොත් චතු නමැති අපරාධ කල්ලි සාමාජිකයා ඩුබායි රාජ්‍යයේ සිටියදී ගනේ මුල්ල සංජීව සමග එක්ව වැල්ලම්පිටියේ අසංක නොහොත් පරිප්පුවා යන අයට වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුම මෙහෙය වූ බවට ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී තිබෙනවා.