දකුණේ ගුරු විදුහල්පතින්ට රජයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Report

දකුණු පළාතේ පාසල් ළමුන්ගෙන් නීතිවිරෝධී ලෙස මුදල් එකතු කරන විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි.

පාසල් ළමුන් සහ දෙමව්පියන් පීඩාවට පත් කරමින් මුදල් එකතු නොකරන ලෙස පාසල්වලට දැනුම් දී තිබුණද, ඇතැම් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් තවදුරටත් නීතිවිරෝධී ලෙස මුදල් එකතු කරන බවට වාර්තා ලැබී ඇති බව ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

ඇතැම් විදුහල්පතිවරුන් හිතවත් දෙමව්පියන් හරහා එම මුදල් එකතු කරන බවටද වාර්තා වන බව ඔහු පැවසීය.

අද ලග්න පලාපල – 2025 ජූලි 07 | අද ඔබේ ලග්නය කියන මහා වෙනස මෙන්න

අද ලග්න පලාපල – 2025 ජූලි 07 | අද ඔබේ ලග්නය කියන මහා වෙනස මෙන්න

විවිධ වැඩසටහන් සහ උත්සව සඳහා එකතු කරන මුදල් තමන්ට දරාගත නොහැකි බවට ඇතැම් දෙමව්පියන් පැමිණිලි ඉදිරිපත් කර ඇති බවද ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා පවසයි.

ඒ අනුව, දකුණු පළාතේ ඇතැම් පාසල්වල එලෙස මුදල් එකතු කිරීමේ ක්‍රියාවලිය නතර කිරීමට දැඩිව දැනුම් දී ඇත.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

මෙම පාසල් සම්බන්ධයෙන් ඉදිරියටත් අවධානයෙන් පසුවන බව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න