අද බොරැල්ලට විශේෂ රථ වාහන සැලැස්මක්
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ පූජක දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජුබිලි මහෝත්සවයට විශේෂ පොලිස් රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා.
පොලිසිය පවසන්නේ බොරැල්ල වෝඩ් පෙදෙස, කින්සි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ මාර්ගයට බර වාහන ඇතුල්වීම හෙට පස්වරු 3.00 සිට රාත්‍රී 9.00 දක්වා සීමා කිරීමට කටයුතු කරන බවයි.
මෙම ජුබිලි මහෝත්සවය වෙනුවෙන් අග රදගුරු මැදුරේ ප්‍රභූවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මේ සඳහා සහභාගී වීමට නියමිතව ඇත.
පොලිස් මූලස්ථානය දැනුම් දෙන්නේ ඒ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක්ද ආරක්ෂාව සඳහා යොමු කිරීමට නියමිත බවයි.