අවුරුදු උදාවත් සමග තරුණයෙකුට බිහිසුණු පිහි පහරක්..

Report

 අවුරුදු උදාව සමග පැවති උත්සවයක් අතරතුර ඇතිවූ ගැටුමක් වැළැක්වීමට ගිය තරුණයෙකුට පුත්තලම නගරයේදී, පිහි ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ගැටුම ඇතිවන අවස්ථාවේ ගැටුම වැළැක්වීමට එහි සිටි 20 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකු උත්සාහ කර ඇත.

එහිදී කිසියම් පුද්ගලයෙකු විසින් එල්ළකරන ලද පිහි ප්‍රහාරයක් ඔහුට එල්ලවී තිබේ.

අවුරුදු උදාවත් සමග තරුණයෙකුට බිහිසුණු පිහි පහරක්.. | A Knife Attack On A Young Man Puttalam

එහිදී පිහිය ඔහුගේ උදරයේ සිරවී ඇති අතර එම පිහියද සමග තරුණයාව අලුයම 1ට පමණ පුත්තලම රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී කඩිනමින් ඔහුට අවශ්‍ය මූලික ප්‍රතිකාර සිදුකර ඇති අතර අනතුරුව අද උදෑසන සැත්කමක් සිදුකර පිහිය උදරයෙන් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.