ජල විදුලි බලාගාරයක් හදිසියේම නවතියි.
මේ වන විට පොල්පිටිය සමනල ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු තාවකාලිකව නවතා තිබෙනවා.
ඒ, විදුලි උත්පාදක යන්ත්රවල අලුත්වැඩියාවක් හේතුවෙන්.
ඊයේ සිට ක්රියාත්මක වන පරිදි මෙම තාවකාලික අත් හිටුවීම සිදු කර ඇති බවයි ජල විදුලි බලාගාරයේ ඉහළ පෙළේ විදුලි ඉංජිනේරුවරයෙක් කියා සිටියේ.
එම ජල විදුලි බලාගාරයෙන් මෙගාවොට් 75 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කරන අතර, ලක්ෂපාන ජල විදුලි බලාගාරයෙන් ජල විදුලි උත්පාදනය සඳහා ලබා ගන්නා ජලය ලක්ෂපාන පොකුණු ජලාශයේ සිට උමං මාර්ගයක් ඔස්සේ සමනල ජල විදුලි බලාගාරය වෙත රැගෙන යනු ලබනවා.
කෙසේ වෙත්ත සමනල ජල බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව නතර කිරීමත් සමඟ ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනයෙන් පසු ජලය කැළණි ගඟට මුදා හැරීමට ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ පාලන අධිකාරිය තීරණය කර ඇති බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |