22 වන ව්‍යවස්ථා සංශෝධනය නරක පූර්වාදර්ශයක් - දිලිත් ජයවීරගෙන් සැර ප්‍රහාරයක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සඳහන් කළේ, රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන අතර පවතින සමතුලිතතාවට බලපෑම් ඇති කරන ක්‍රියාමාර්ගයක් ලෙස මෙම සංශෝධනය හඳුනාගත හැකි බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝදන සදහන් කළේ මෙවැන්නක්
''22 වන වතාවතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝදනය කරන්න හදන මේ වෙලාවේ මව්බිමට ආදරය කරන අපි හැමෝම අතීතයේ වැරදි තීන්දු තීරණ වලට යම් විදිහකට සහය වෙලා තියනවා සමහරු සෘජුවම .
ආණ්ඩුවේ දැන් ඉන්න පක්ෂය සෘජුවම වැරදි කරපු පක්ෂයක් මම දේශපාලනයට ආවෙත් යහපත් රටක් දකින්න .නමුත් බලාගන ඉන්නනැද්දී ඒ බලාපොරොත්තුව කඩ වෙලා තියනවා . නිදහසින් පසු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට බලපෑම් කරපු අවස්ථා බොහොමයක් තියනවා .අද සිටින අගවිනිසුරු ඇතුළු ව්‍යවස්ථාදායකය ,විධායකය අධිකරණය යන කුළුණු තුනට සමතුලිතතාවයට විධායකය සෘජුව මැදිහත් වුන අවස්ථාවක් . මෙය නරක පූර්වාදර්ශයක් . මෙයට සියළු දෙනාම විරුද්ධ වුණත් අද 22 වෙනි සංශෝදනය ගෙනල්ලා තියනවා නරක පූර්වාදර්ශයක් විදිහට ''