රට රැකියා සිහිනය සැබෑ කරගන්න තවත් පිරිසකට අවස්ථාව.

Manusha Nanayakkara Sri Lanka Politician Sri Lanka Israel
By krishani Aug 07, 2023 02:27 PM GMT
krishani

krishani

Report

අද (07) ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් විසි දෙදෙනෙකුට ගුවන් ටිකට් පත් ලබා දෙන ලදී.

ඒ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ය.

මෙම වසරේ ගත වූ කාලය තුළ දී ශ්‍රමිකයින් 241 දෙනෙක් ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යවා තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේ දී ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම වේගවත් කිරීමට එරට පීබා ආයතනය සමග අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සාකච්ඡා කර ඇත.

එහිදී මෙරටින් ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට ඔවුන් සහතික වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ අනුව අප්‍රේල් මාසයේ සිට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට හැකියාව ලැබී ඇති බව වාර්තා වේ.


ReeCha