ඡන්දය ඉවර වුණා විතරයි IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට..

Sri Lanka Government Of Sri Lanka IMF Sri Lanka
By Piyumika Nov 17, 2024 05:04 AM GMT
Piyumika

Piyumika

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (17) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඔවුන් 23 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

මෙම සංචාරයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට නිදහස් කිරීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සිව් අවුරුදු විස්තීරණ ණය පහසුකම යටතේ මෙරටට ලබාදීමට අනුමත කර ඇති සමස්ත ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2.9කි.

විපක්ෂ දේශපාලනඥයකු ලෙස ප්‍රකාශ කළ දේවල් අමතක නොකරන ලෙස සජිත් ප්‍රේමදාස ජනපතිගෙන් ඉල්ලයි..

විපක්ෂ දේශපාලනඥයකු ලෙස ප්‍රකාශ කළ දේවල් අමතක නොකරන ලෙස සජිත් ප්‍රේමදාස ජනපතිගෙන් ඉල්ලයි..

ඒ අනුව එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 333ක මුදලක් 2023 මාර්තු 21 වනදා ද, දෙවැනි වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 337ක මුදලක් 2023 දෙසැම්බර් 13 වනදා ද මෙරටට මුදාහැරුණි.

IMF විස්තීරණ ණය පහසුකම යටතේ වූ තෙවන ණය වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 336ක මුදලක් මෙම වසරේ ජුනි මස 12 වනදා මුදාහැරුණු අතර ඒ අනුව මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දි තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් එහි නියෝජිතයින් පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතය.

දීර්ඝ සතිඅන්ත නිවාඩුව ඉවරවෙලා හෙට වැඩට යන්න එන ඔයාට අද සහ හෙට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්..

දීර්ඝ සතිඅන්ත නිවාඩුව ඉවරවෙලා හෙට වැඩට යන්න එන ඔයාට අද සහ හෙට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්..

අදාළ නියෝජිත පිරිසේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් එකඟතා ක්‍රියාත්මක කිරීම සහ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සිදුකර ඇති මෑත කාලීන ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට නියමිතය.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

මෙම තෙවන සමාලෝචනයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට සිව්වන වාරිකය නිදහස් කිරීමට නියමිතය.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 0
    Jathika Jana Balawegaya
    0%
  • SJB 0
    Samagi Jana Balawegaya
    0%
  • NDF 0
    New Democratic Front
    0%
  • ITAK 0
    Ilankai Tamil Arasu Kadchi
    0%
ReeCha