ත්‍රිවිධ හමුදාවේ - පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට මෙන්න ජනපතිගෙන් සුබ ආරංචියක්.

Report

ජනපති රනිල් වික්‍රමසිංහ විසින් රණවිරුවන්ට ඉඩම් බෙදා දීම කඩිනම් කිරීම සඳහා විශේෂ කමිටුවක් අද (14) පත් කළා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක,එම කමිටුවේ සභාපතිත්වය දරන අතර ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්, ඉඩම් කොමසාරිස් ජනරාල්, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක් මෙම කමිටුවට ඇතුළත්.

ඒ, අනුව ක්‍රියාන්විත රාජකාරියෙහි යෙදී සිටියදී දිවි පිදූ අතුරුදන් හා රණක්ෂිතයට පත් වූ විශ්‍රාමික සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ , ශ්‍රී ලංකා පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට රජයේ ඉඩම් ලබාදීමට නියමිතයි.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කෙරේ.? - හේතුව මෙන්න.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කෙරේ.? - හේතුව මෙන්න.


රණවිරුවන්ට ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙල මීට පෙර අවස්ථා කිහිපයකදී ආරම්භ කෙරුනත් එය සාර්ථකව සහ කඩිනමින් ක්‍රියාත්මක නොවීම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලා ජනාධිපතිවරයා විසින් ඉහත කමිටුව පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී ජනාධිපති නියෝග පරිදි රණවිරුවන්ට ලබා ඉඩම් ලබාදීමේ කාර්යභාරය ප්‍රමුඛස්ථානයෙහිලා සලකා කඩිනමින් වැඩ කටයුතු සම්පාදනය කිරීම අදාල කමිටුවේ වගකීම වනු ඇති.    

...........................................................

May you Like