දස හැවිරිදි දැරියක් 8 වතාවක් බරපතල ලෙස කෙළෙසලා..ශරීරයත් දුම් වැටි වලින් පුච්චලා..
කොළඹ ප්‍රසිද්ධ කාන්තා විදුහලක ඉගෙනුම ලබන දස හැවිරිදි සිසුවියක් අවස්ථා 8 කදී බරපතළ අන්දමින් දූෂණය කර දැරියගේ සිරුරේ ඇතැම් ප්‍රදේශ දුම්වැටිවලින් පිලිස්සූ සැකකරුවන් සොයා විමර්ශන පවත්වන බව පොලිසිය අධිකරණයට ඊයේ (22 ) දැනුම් දෙනු ලැබුවා.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ, මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත එම දැරිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙන ලෙසයි.
වැල්ලම්පිටිය පොලිසිය මගින් දැරිය සම්බන්ධයෙන් ලබාගත් අධිකරණ වෛද්‍ය වාර්තා අධිකරණය හමුව ඉදිරිපත් කර තිබූ අතර එම වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගෙන දැරිය මව භාරයේ රෝහල් ගත කරන ලෙස අධිකරණය නියම කර ඇත.
දූෂණයට ලක්වී ඇති සිසුවියගේ හැසිරීමේ වෙනසක් දුටු පන්ති භාර ගුරුවරිය දැරියව වැල්ලම්පිටිය පොලිසිය වෙත රැගෙන ගොස් ඇති අතර ඒ අනුව දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ.
එහිදී දැරිය අවස්ථා 8 කදී පමණ බරපතළ අන්දමින් දූෂණයට ලක්වී ඇතැයි අනාවරණය වූ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
දැරියගේ ශරීරයේ ඇතැම් ස්ථාන දුම්වැටිවලින් පුලුස්සා ඇති බවට සලකුණු දක්නට ලැබෙන බව අධිකරණ වෛද්‍ය වාර්තාවෙහි සඳහන් වන බවද පොලිසිය අවධාරණය කරයි.
දැරිය ප්‍රකාශ කළ අන්දමට කොළඹ පිහිටි පාසලක සිසුවකුගේ නමක් සඳහන් කර තිබෙන අතර, ඒ අනුව එම පාසලේ අදාළ නම සඳහන් සියලු සිසුන් පොලිසිය වෙත කැඳවා දැරියට පෙන්වා තිබෙන නමුත් දැරිය විසින් අදාළ සිසුවා හඳුනා නොගත් බවද පොලිසිය දන්වා සිටී.
ඒ අනුව මෙම දැරිය දූෂණය කරන ලද පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය පොලිසියට නියම කර තිබේ.