පාසල් සිසුවිය එකවරම බදාගෙන..ඇඳ සිටි තුවායත් ගලවා, බිම දමා ගෙන කරපු අපරාදය..

Sri Lanka Police Ministry of Education Accident Education
By Aruna Jun 07, 2023 06:06 AM GMT
Aruna

Aruna

Report

ගෙවත්තේ ළිඳෙන් ඇඟ සෝදාගෙන රාත්‍රී 11.00ට පමණ නිවෙසට එමින් සිටි පාසල් සිසුවියක කිසිවකු විසින් අල්ලා බිම පෙරළාගෙන අතවර කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් ඇය රෝහල්ගත කර ඇති අතර, ඇයට මේ නිසා සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිටීමට නොහැකි වූ බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසනවා.

ඇඟපත සෝදාගත් සිසුවිය තුවායක් ඇඳගෙන නිවෙසට පැමිණෙමින් සිටියදී කළුවරේ සැඟවී සිටි පුද්ගලයකු එක්වරම ඇය බදාගෙන, ඇඳ සිටි තුවාය ගලවා දමා බිම පෙරළාගෙන ඇයට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවයි පැවසෙන්නේ.

එම අවස්ථාවේ සිසුවිය කෑ ගසා ඇතැයි ද පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

දියණියගේ කෑ ගැසීම ඇසී මව පැමිණීමත් සමගම සැකකරු සිසුවිය අතහැර දමා පලාගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළා.

මව සහ දියණිය සැකකරු හඳුනාගෙන ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති බවයි පැවසෙන්නේ.

නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha