රිලවුන් නිසා දැරියක් අවසන් ගමන් යයි
වයස අවුරුදු 11 හැවිරිදි දැරියක් විදුලි සැර වැඳීම හේතුවෙන් මිය ගොස් තිබෙනවා.
අදාළ දැරිය කෝවිල්කන්ද, වට්ටප්පොළ ප්‍රදේශයේ පදිංචිව ව සිට ඇත .
ඊයේ (20) සවස් කාලයේ දී මෙම සිදුවීම වාර්තා වූ බව පොලීසිය සඳහන් කර සිටියා.
මරණකාරිය ඊයේ එම නිවසේ ස්ලැබ් එක මතට ඉනිමඟක් ආධාරයෙන් නැඟ ඇති අතර එම ස්ලැබ් එක මතට රිළවුන් පැමිණෙන නිසා වෙන් විදුලි කම්බි ඇද තීබී ඇත. එහිදී දැරියට විදුලි සැර වැදි දැරිය මියගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි පොලීසිය පවසා සිටියේ .
මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වෙලම්බොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.