ප්‍රවේසම් වන්න..යතුරුපැදිවලින් පැමිණ රන් මාල කඩන විශාල කල්ලියක් සමාජයේ..!

Jaffna gold chain motor bike gang N.Francis
By Sewvandhi Oct 22, 2021 01:26 AM GMT
Sewvandhi

Sewvandhi

Report

යාපනය දිස්ත්‍රීක්කයේ විවිධ ස්ථානයන්හි යතුරුපැදිවලින් ඉතා සූක්ෂමව ගොස් කාන්තාවන්ගේ රන්මාල කඩන ලද කල්ලියක් නායකයා ඇතුලු සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලැබුනු තොරතුරකට අනුව කොට්ඨාශ පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ප්‍රැන්සිස් මහතාගේ උපදෙස් පරිදි උපපෙලිස් පරික්ෂක ප්‍රදීප් ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් පළමුව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබී රන්භාණ්ඩ සොරාගැනීම සඳහා භාවිතා කරන ලද යතුරුපැදි දෙකක් මෙන්ම සොරාගත් රන්මාල 05 ක්ද සොයාගෙන ඇත.

සැකකරුවන් විසින් යාපනයේ අච්චුවේලි, වඩුක්කොඩ්ඩෙයි, චුන්නාකම් සහ තෙලිප්පලෙයි පොලිස් වසම්හි ස්ථාන කිහිපයකම මෙලෙස රන් භාණ්ඩ සොරාගෙන යතුරුපැදිවලින් පලා ගිය බවට පොලීසියට ලැබුනු පැමිණීළි මත මෙලෙස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලදාරීන් විසින් පරික්ෂණයක් අරඹා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අච්චුවේලි, වඩුක්කොඩ්ඩෙයි, චුන්නාකම් සහ තෙලිප්පලෙයි ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 20 සහ 25 වයස්හි පසුවන අතර ඔවුන් අද දින යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද කොට්ඨාශ පොලිස් අපරාධ අංශය වැඩිදුරටත් පැවසීය.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.