බීලා වෙරි වූ මිතුරන් දෙදෙනා බල්ලෙකු වෙනුවට නරියෙක් අරන් ගිහින්.

Sri Lanka
By Wayomi Sep 09, 2023 09:57 AM GMT
Wayomi

Wayomi

Report

අධික බීමතින් සිටි මිතුරන් දෙදෙනෙකු බල්ලෙකු ලෙස රැවටී මාර්ගයේ සිටි නරියෙකු නිවසට රැගෙන ගිය පුවතක් වාර්තා වී තිබෙනවා.

ඒ, පස්සර නගරයෙන්.

ඔවුන් දෙදෙනා මත්පැන් පානය කිරීමෙන් පසුව ත්‍රීරෝද රථයකින් නිවසට පැමිණ ඇති අතර බලු පැටවෙකු වැනි සතෙකු දැක ත්‍රිරෝද රථය නතර එම සතාව නිවසට රැගෙන ඇවිත් තිබෙනවා.

පමණ ඉක්මවා වෙරිවී සිටීම නිසා එම සතා නරි පැටවකු බවට හඳුනා ගැනීමට මෙම මිතුරන් දෙදෙනාට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් එක් පුද්ගලයෙකු විසින් මෙම සත්ත්වයා නිවසට රැගෙන ගොස් බැඳ දමා ඇති අතර නුපුරුදු හඬක් ඇසීම නිසා අසල්වාසීන් ඒ ගැන විපරම් කර බලන විට බැඳ දමා සිටි නරි පැටියාව දැක ඇත.

පසුව ඔවුන් එම සතාව නිදහස් කර කැළයකට ගෙන ගොස් දමා ඇති බවයි වාර්තා වන්නේ.

ReeCha