පුංචි ශ්‍රී පාදය බලන්න ගිය විදෙස් කතට සිදු වූ අකරතැබ්බය..

By Piyumika Aug 03, 2024 04:48 AM GMT
Report

ඇල්ල – පුංචි ශ්‍රී පාදය කඳු මුදුනින් වැටී විදේශීය සංචාරක කාන්තාවක් තුවාල ලබා ඇත.

ඊයේ (01) මෙම සංචාරක ආකර්ශනීය ස්ථානය නැරඹීමට ගිය අවස්ථාවේදී අනතුර සිදුව තිබේ.

මැතිවරණ නීති උල්ලංඝන ඉහලට..

මැතිවරණ නීති උල්ලංඝන ඉහලට..

33 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව බේරාගෙන දේශීය සංචාරකයන් පිරිසකගේ සහාය ඇතිව සංචාරක පොලිසිය විසින් ඇයව බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ .

ඇයගේ දකුණු පාදයට තුවාල සිදුවී ඇති අතර මේ වන විට ඇය රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය .